ගිය වසරේ ගුවන් අනතුරුවල වැඩිවීමක් | දිනමිණ

ගිය වසරේ ගුවන් අනතුරුවල වැඩිවීමක්

2018 වසරේ ගුවන් අනතුරු වල පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබුණි. ඒ අනුව පෙර වසරට වඩා 2018 වසර ගුවන් අනතුරු වැඩි වසරක් බව ගුවන් ගමන් ආරක්ෂණ ජාලය වාර්තා කරයි. 
 
එහෙත් 2018 වසර වඩාත් ආරක්ෂාකාරී වසර අතර තවමත් නව වැනි ස්ථානයේ පසුවේ.
 
2018 වසරේ දී ගුවන් අනතුරු වලින් 556 දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේ ඉන්දුනීසියාවේ දී  සිදු වූ ලයන් එයාර් අනතුරින් 189 දෙනකු මිය ගියේය. 
 
එකම මගී යානයක් හෝ අනතුරට ලක් නොවූ 2017 වසර ඉතිහාසයේ ආරක්ෂාකාරී වසර ලෙස ගුවන් ගමන් ආරක්ෂණ ජාලය වැඩි දුරටත් සඳහන් කරයි. 

නව අදහස දක්වන්න