ජාවා දූපතේ නායයාමකින් 34ක් අතුරුදන් | දිනමිණ

ජාවා දූපතේ නායයාමකින් 34ක් අතුරුදන්

ජාවා දූපතේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයාමකින්  පුද්ගලයන් නව දෙනෙක් මියගොස් 34 දෙනෙකු අතුරුදහන් වී ඇත. 
 
මෙම නාය යාමෙන් නිවාස 30 ක් පමණ මුළුමණින්ම විනාශ වී ඇති අතර ඉන්දුනීසියානු පොලීසිය,ගම්වාසීන් සමග හමුදා සෙබළුන් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත. 
 
අවතැන් වූවන්  තාවකාලික වාසස්ථාන කරා යොමු කර ඇති බව ඉන්දුනීසියානු  ජාතික ආපදා අවම කිරීමේ  ආයතනයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කළේය. 
 
මෑත කාලයේ දී වැසි සහිත කාලගුණික තත්ත්වයත් සහ අධික වඩදිය බාදිය ආදියත් නාය යෑම් සහ ගංවතුර තත්ත්වයනුත් හමුවේ ඉන්දුනීසියාවේ 500 වඩා වැඩි පිරිසක් බේරා ගනු ලැබීය.
 
ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරීමෙන් ඇති වූ සුනාමියෙන් සති දෙකකටත් අඩු කාලයක් තුල දී 
මෙම නායයෑම සිදුවිය. 

නව අදහස දක්වන්න