SLFP මධ්‍යම කාරක සභා රැස්වීම අද | දිනමිණ

SLFP මධ්‍යම කාරක සභා රැස්වීම අද

ස්වර්ණා විජේකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) පස්වරුවේ පැවැත්වේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කෙළේය.

එමෙන්ම පවතින විවිධ ගැටලු විසඳා ගනිමින් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සඳහා සකස් කිරීමට නියමිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු කිරීමට නියමිත වේ.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් සම්බන්ධයෙන් පසුගියදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර මෙම රැස්වීමේදීත් එම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව මහ ලේකම්වරයා සඳහන් කෙළේය.


නව අදහස දක්වන්න