තිරිවාන ගල් ප්‍රවාහනය කළ ටිපර් රිය අනතුරක | දිනමිණ

තිරිවාන ගල් ප්‍රවාහනය කළ ටිපර් රිය අනතුරක

බළන්ගොඩ ප්‍රදේශයේ සිට හංවැල්ල ප්‍රදේශයේ ටයිල් කර්මාන්තශාලාවක් වෙත තිරිවාන ගල් ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් ඉංගිරිය - කොළඹ ප්‍රධාන මාර්ගයෙහි රයිගම්වත්ත පෙදෙසේ දී මෙලෙස අනතුරට ලක් විය.

අනතුරින් රථයේ වම්පස ගමන් කළ ලොරි හිමිකරු තුවාල ලබා හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇත. රියදුරුට අනතුරක් සිදුවී නැත. අසළ දුරකථන කණුවකට හා රයිගම්වත්ත නාම පුවරුවට හානි සිදුව ඇති අතර ටිපර් රථයේ සුක්කානම එකවරම හිරවීමෙන් තමාට රථය පාලනය කර ගත නොහැකිවී මෙලෙස අනතුරට පත්වූ බව පවසයි. මෙම ස්ථානයේ බස් නැවතුමක් හා ත්‍රී රෝද රථ නැවතුමක්ද ඇති අතර මාර්ගයේ ගමන් ගත් කිසිවකුට හෝ වාසනාවට අනතුරක් නොවූ බව ප්‍රදේශවාසීහු පවසති.

ඉංගිරිය - කොළඹ ප්‍රධාන මාර්ගය ඉතා මෑතකදී කාපට් යොදා ප්‍රතිසංස්කරණය කළද , මාර්ය පළල් නොකළ බවත් ,මාර්ගයෙහි මෙම කොටස ඉතා පටු බවත් රියදුරන් එය නොසලකා මාර්ගයේ කන්ටේනර් , ටිපර් රථ ධාවනය කිරීම හේතුවෙන් කිසියම් මොහොතකදී මෙයට වඩා බරපතළ අනතුරක් සිදු වීමේ අවදානමක් පවතින බවද ගම්වාසීහු පෙන්වා දෙති.

සටහන සහ ඡායාරූපය -ඉංගිරිය විශේෂ කේ.ටී.ඩී දර්ශන

 

නව අදහස දක්වන්න