සිසුන්ට විස මත්ද්‍රව්‍ය සැපයූ අයෙක් නිට්ටඹුවේදී දැලේ | දිනමිණ

සිසුන්ට විස මත්ද්‍රව්‍ය සැපයූ අයෙක් නිට්ටඹුවේදී දැලේ

විජයානි එදිරිසිංහ

ගම්පහ ප්‍රදේශයේ පාසලක සිසුන්ට විස මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයකු ඊයේ (02) නිට්ටඹුව ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් වි තිබේ. නිට්ටඹු ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස්පෙළ සිසුවකු සතුව තිබූ ගංජා මිලි ග්‍රැම් දහසකට වැඩි ප්‍රමාණයක් තිබි සොයා ගෙන තිබු අතර එම සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මේ විස මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ සැකකරු 21 හැවිරිදි කැටකාවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මෙම සැකකරු මේ ආකාරයෙන් ගම්පහ ප්‍රදේශයේ පාසල්වල සිසුන්ට රහසිගතව විස මත්ද්‍රව්‍ය අලෙවි කරන අයකු බව හදුනාගෙන ඇත අද ඔහු අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතව ඇත.

පාසල් දරුවන් විෂ මත්ද්‍රව්‍යවලට යොමු විමෙන් වැළැක්විම පිණිස පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත දිප ව්‍යාප්ත නියමු ව්‍යාපෘතියක් දියත් කෙරේ. මෙම ව්‍යාපෘතිය සදහා පාසල් දරුවන්ගේ මවුපියන්ගේ සහායද ලබා ගන්නා අතර එහි ප්‍රතිළුලයක් වශයෙන් ඊයේ දින ගම්පහ ප්‍රෙද්ශයේ පාසල්වල දරුවන්ගේ මවුපියන් විසින් පාසලට ඇතුළු වන අවස්ථාවේ පාසල් දරුවන් පරික්ෂාවට ලක්කර ඇත එහිදි නිට්ටඹුව ප්‍රෙද්ශයේ පාසලක සිසුවකු සතුව තිබි ඉහත සදහන් ගංජා ප්‍රමාණය සොයා ගෙන තිබේ ඒඅනුව පොලිසියට දැනුම් දි පොලිසිය මගින් සිදු කරන ලද පරික්ෂණ වලදා එම සැකකරු අත් අඩංගුවට ගැනිමට හැකි වු පොලිසිය කියයි.

නව අදහස දක්වන්න