තෙල් සංස්ථාවේ වෙඩි තැබීම-අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා රිමාන්ඩ් | දිනමිණ


 

තෙල් සංස්ථාවේ වෙඩි තැබීම-අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා රිමාන්ඩ්

ඛනිජ තොල් සංස්ථා පරිශ්‍රයේ  පසුගිය ඔක්තෝබර් 28වනදා සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ නඩුව අද(03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබීය.
 
ඒ අනුව මෙම සිද්ධියට අදාළව අත්අංඩගුවට පත් වු පොලිස් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
අද දින නඩුව කැඳවමින් අධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත්තේ මෙම අපරාධය සිදුව ඇති බැවින් විමර්ශන උදෘත ගොනු කර නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර වැඩිදුර උපදෙස් ලබා ගන්නා ලෙසයි.
 
එමෙන්ම අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේ, සිද්ධියේ දී කලහකාරී ලෙස හැසිරුණු අනෙක් පාර්ශවයේ සැකකරුවන් ද කඩිනමින් අත්අංඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
 
නඩුව නැවත ජනවාරි මස 11 වන දින අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

නව අදහස දක්වන්න