ඇමැති විෂය ගැසට්ටුව සංශෝධනයට | දිනමිණ

ඇමැති විෂය ගැසට්ටුව සංශෝධනයට

ශිරෝමි අබයසිංහ

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අවස්ථා කිහිපයක දී පැවැත් වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය විෂය පථ ගැසට් පත්‍රය සංශෝධනය කෙරේ.

සංශෝධිත ගැසට් පත්‍රය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවරූ අමාත්‍යාංශ යටතේ ඇති විෂය පථ කිහිපයක් අනෙකුත් අමාත්‍යවරුන් යටතට පැවරීමට නියමිතය.

නව අදහස දක්වන්න