15 සිසුවෙකුගෙන් 11 දැරියකට පිහි ප්‍රහාරයක් | දිනමිණ

15 සිසුවෙකුගෙන් 11 දැරියකට පිහි ප්‍රහාරයක්

එකොළොස් හැවිරිදි දැරියකට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකළ පහළොස් හැවිරිදි සැකකාර පාසල් සිසුවෙකු 14 වනදා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළෙස පරිවාස භාරයට පත් කෙරිණ.

මොවුන් දෙදෙනා හික්කඩුව, එගොඩගොඩ ප්‍රදේශයේ ආසන්න නිවාස දෙකක පදිංචිකරුවන් වන අතර සෙල්ලම් ගෙයක් සෑදීමට අසළ ඇති ලඳු කැළැවකට ගිය අවස්ථාවේදී ඉකුත් 04 වනදා පස්වරුවේ මෙම පිහි ඇණුම සිදුව ඇත.

පිහි ඇණුමෙන් තුවාල ලැබු  සිසුවිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.

මොවුන් දෙදෙනා අතර ඇතිවූ  බහින්බස් විමක් දුරදිග ගොස් දැරිය කෑගසා ඇති බව සඳහන්.

එම අවස්ථාවේ පාසල් සිසුවා විසින් සිසුවියගේ ගෙලට සහ මුහුණට පිහියෙන් ඇණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නව අදහස දක්වන්න