අම්බලන්ගොඩ නියෝජ්‍ය නගරාධිපතිගෙන් දරුවන් 450 කට පොත් පත් | දිනමිණ

අම්බලන්ගොඩ නියෝජ්‍ය නගරාධිපතිගෙන් දරුවන් 450 කට පොත් පත්

තම මන්ත්‍රී වැටුප යොදා ගනිමින් තම මෑණියන් ලබා දුන් මුදල්ද ලබාගෙන එංගලන්තයේ ජීවත්වන තම සහෝදරයාගේද උපකාරයෙන් තමා පත් කිරීමට උපකාර කළ ජනතාවගේ ද සහායෙන් අඩු ආදායම්ලාභී දරුවන් 450 දෙනකුට තම පොත් ලැයිස්තුවට අවශ්‍ය සියලුම පොත් පත් ලබා දීමේ අපූරු පින්කමක් අම්බලන්ගොඩ නියෝජ්‍ය නගරාධිපති කමල් වැල්ලගේ මහතා විසින් පසුගියදා අම්බලන්ගොඩ තල්ගස්ගොඩදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ අනුර ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රොමේෂ් පතිරණ. මොහාන් පී ද සිල්වා, සම්පත් අතුකෝරාල යන මහත්වරුන් ඇතුළුව . නාගරික මන්ත්‍රීවරුන් වන රම්‍ය කොඩිකාර, ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්වූහ. මෙම අවස්ථාවට ග්‍රාම නිලධාරී හර්බට් ලියනාරචචි මහතාද සමග කමල් වැල්ලගේ මහතාගේ සහෝදර පී.එච් සරත් විමලවීර යන මහත්වරුන් ද සිය මැණියන්ද එක්වී සිටියහ.

සටහන හා ඡායාරූප - ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්‍මදාස සිරිවර්‍ධන.

නව අදහස දක්වන්න