නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට | දිනමිණ

නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට

කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා මතයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වනදා  හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ ‍තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගතේය.

එහිදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරු අද(07) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න