නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් වෙති | දිනමිණ

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් වෙති

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද(07) දිවුරුම් දෙනු ලැබුහ. ඒ අනුව ඌව, සබරගමුව සහ උතුරු පළාත වෙනුවෙන් මෙම නව පත් කිරීම් සිදු කර තිබේ. 
 
නව ආණ්ඩුකාරවරුන් ලෙස ඌව පළාත සඳහා කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ උතුරු පළාත සඳහා ආචාර්ය සුරේන් රාගවන් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
 
පසුගිය සිකුරාදා දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණි.

නව අදහස දක්වන්න