පරිත්‍රාණ ධර්ම දේශනාවක් ජනාධිපති කාර්යාලයේ දී | දිනමිණ

පරිත්‍රාණ ධර්ම දේශනාවක් ජනාධිපති කාර්යාලයේ දී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් සහ ඉදිරි කටයුතුවලට ආශිර්වාද පළ කරමින් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. 
 
හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වුණු අතර මෛත්‍රීපාල රිසේන මැතිතුමා ද ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එක් විය.
 
 බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුථ මැති ඇමතිවරු රැසක් ද ඊට එක්ව සිටියහ. 
 
මේ අතර අද (08) උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් ද පැවැත්විණි. 
 
සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය කොටපොළ අමරකිත්ති ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ, කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ. 
 
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

නව අදහස දක්වන්න