නව විනිසුරුවරුන් 04ක් දිවුරුම් දෙයි | දිනමිණ


 

නව විනිසුරුවරුන් 04ක් දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තුන් දෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන දිවුරුම් දී ඇති බවයි.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ එස්. තුරෙයිරාජා, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී ඇත.

මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කේ.පී. ප්‍රනාන්දු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසයි.

නව අදහස දක්වන්න