ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් ඉල්ලා අස්වීමට යයි | දිනමිණ

ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් ඉල්ලා අස්වීමට යයි

පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලෝක බැංකු සභාපති ජිම් යොන්ග් කිම් එම ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරයි. 2017 වසරේ දී ලෝක බැංකු සභාපති ධුරයට පත් ඔහු 59 හැවිරිදි වියේ පසුවෙයි. වාර්තා වන අන්දමට ඔහුට එම තනතුරේ රැඳී සිටීමට තවත් වසර තුනක කාල සීමාවක් තිබේ. කෙසේ වුවත් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි ඔහු අනාවරණය කර නැත.

මේ සුවිශේෂී ආයතනයේ සභාපති ලෙස කටයුතු කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බව ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කර තිබේ. ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඔහු කටයුතු කළ බවයි.

ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීනී ක්‍රිස්ටාලිනා ජෝර්ජියාවා ලෝක බැංකු සභාපති ධූරයේ කාර්යභාරය සිදු කරනු ඇති බව වාර්තා වේ.

 

නව අදහස දක්වන්න