දුම්රියේ මගීන්ගේ දුරකථන සොරා කෑ ‘කිරා‘ අල්ලයි | දිනමිණ

දුම්රියේ මගීන්ගේ දුරකථන සොරා කෑ ‘කිරා‘ අල්ලයි

දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකුව දෙහිවල දුම්රියපොල අසලදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
ඊයේ(09) දහවල් අත්අඩංගුවට ගත් සැකකරුව ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචි මානවඩුගේ ක්‍රිෂාන්ත නොහොත් කිරා නැමැති අයෙකි.
 
සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීම් හමුවේ නවීන පන්නයේ ජංගම දුරකථන 50කට අධික සංඛ්‍යාවක් සොරාගෙන ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත. එම සොරා ගන්නා ලද ජංගම දුරකථන 45ක් පමණ දෙහිවල විවිධ පුද්ගලයින් හට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා තිබේ.  
 
මෙම සැකකරු දිවයිනේ ලේඛන ගත අපරාධකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
 
ඔහුව අද(10) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ වැඩිදුර ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
 

අදහස් 1ක් ඇත

MONA NADUDA DAPIYAWU HIRAGEDARATA?

නව අදහස දක්වන්න