ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරනවා | දිනමිණ

ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කරනවා

කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

එහිදී ඔහු පැවසුවේ,රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ ගෙවීමට ඇති ණය වාරික සම්බන්ධයෙන් ද සභාව දැනුවත් කළේ ය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවයි.

ඉන්දියාව ලබාදුන් රුපියල් මිලියන 500 මූල්‍යාධාරය ලබාගත්තේ කුමන කොන්දේසි මතදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම පිළිබඳව ද අමාත්‍ය විමල් වීරවංශ නියෝජ්‍ය කථානායක ආනන්ද කුලරත්නගෙන් ප්‍රශ්න කළ අතර ඊට අග්‍රමාත්‍යවරයා ද මැදිහත් විය.

අදහස් 1ක් ඇත

[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම සම්බන්ධයෙන් දැනුම්දීම පිළිබඳව ද අමාත්‍ය විමල් වීරවංශ නියෝජ්‍ය කථානායක ආනන්ද කුලරත්නගෙන් ප්‍රශ්න කළ අතර ඊට අග්‍රමාත්‍යවරයා ද මැදිහත් විය......] me gobbayata amathikamak dunne mona meeharakek da? Shame on this news item !!!!!!!!

නව අදහස දක්වන්න