ඊ ශ්‍රිලං­කා­වක් වෙනු­වෙන්- ඊ ස්වාභි­මානි’ සම්මාන උළෙල | දිනමිණ


 

ඊ ශ්‍රිලං­කා­වක් වෙනු­වෙන්- ඊ ස්වාභි­මානි’ සම්මාන උළෙල

ජාතික මට්ටමේ කටයුතු අතර නමක් දිනාගත් උත්සවයක් ලෙස ස්ථාපිත වී ඇති ඊ ස්වාභිමානී සම්මාන උළෙල 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලදුව පසුගිය දිනෙක ගෝල් ෆේස් හෝටලයේදී පවත්වන ලදී. ජාතියේ ඩිජිටල් නවෝත්පාදකයන් ජයග්‍රහණය කරවීම සහ පිළිගැනීමට ලක්කිරීම සඳහා එය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

මෙම විචිත්‍රවත් අවස්ථාවට ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ රජයේ නිලධාරීහු, කර්මාන්ත අංශයේ ප්‍රමුඛයෝ, ඩිජිටල් ව්‍යවසායකයෝ සහ මාධ්‍ය ඇතුළු තවත් විශේෂ අමුත්තෝ රැසක් සහභාගි වූහ.

රජය සහ පුරවැසි ප්‍රතිඥානයන්, සෞඛ්‍ය සහ යහපත, ඉගෙනීම සහ අධ්‍යාපනය, පරිසරය සහ හරිත ශක්තිය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය, සුහුරු ජනාවාස සහ නාගරීකරණය, ව්‍යාපාර සහ වාණිජ්‍යය, ඇතුළත් වීම සහ බලගැන්වීම සහ ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ නවයක් යටතේ මේ සඳහා නාමයෝජනා භාරගන්නා ලදී.

මෙම සම්මාන උළෙලේදී සමාජ බලපෑමක් සහිත කැපී පෙනෙන ඩිජිටල් නවෝත්පාදනයන් පනස් එකක් සම්මානයට පාත්‍ර විය. එය සරල කෙටි පණිවිඩ පදනම් කරගත් විසඳුමක් හෝ මැනවින් සකස් කරන ලද අතථ්‍ය යථාර්ත (VR tool) මෙවලමක් විය හැකිය.

තොරතුරු සමාජය පිළිබඳ එක්සත් ජාතීනගේ ලෝක සමුළුවේ (WSIS) රාමුව තුළ ක්‍රියාත්මක වන ගෝලීය ඇරඹුමක් වන ලෝක සම්මාන සමුළුවට (WSA) ඇතුළත් වීම සඳහා වන එළඹුම් පියවරක් ලෙස ඊ- ස්වාභාමානී කටයුතු කරයි.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මාහාචාර්ය රොහාන් සමරජීව මහතා පිරිස පිළිගනිමින් මෙසේ සඳහන් කළේය. “අපි අපේ අනන්‍යතාවයන් වටිනාකම් රැකගත යුතුයි හැබැයි ඒ අතරම අපි මේ අලුත් තාක්ෂණයන්ටද දොරටුව විවෘත කළ යුතුයි. අපි අපේ ජනතාවට සේවය කළ යුතුයි. ඒ සඳහා අපි මේ තාක්ෂණය උපරිමයෙන් යොදාගෙන හොඳ නිර්මාණයන් බිහිකළ යුතුයි. මේ සියල්ලම අපි ඉටුකරන්නේ ඒ අරමුණ වෙනුවෙන් ”යනුවෙනි.

නව අදහස දක්වන්න