ලංකා හොස්පිට්ල්ස් ගාල්ල වක්වැ­ල්ලට | දිනමිණ

ලංකා හොස්පිට්ල්ස් ගාල්ල වක්වැ­ල්ලට

ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම්ලත් මෙරට ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා ආයතනයක් වන ලංකා හොස්පිට්ල්ස් හි නවතම වෛද්‍ය සේවා මධ්‍යස්ථානය හා රසායනාගාරය පසුගියදා ගාල්ල වක්වැල්ලදී විවෘත කෙරිණි. ලංකා හොස්පිට්ල්ස් විසින් වෛද්‍ය සේවා මධ්‍යස්ථානයක් හා රසායනාගාරයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවන ලද ප‍්‍රථම අවස්ථා මෙය වීම සුවිශේෂි කරුණකි.

විශේෂඥ වෛද්‍ය සේවා, ඊ-චැනලින් සේවා, පොදු වෛද්‍ය හා මූලික ප‍්‍රතිකාර සේවාවන්, ප‍්‍රතිශක්තිකරණ, රසායනාගාර සේවා සහ ඖෂධහල් මෙන්ම ගිලන් රථ සේවාව හා හදිසි ප‍්‍රතිකාර සේවාවන්ද මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක.

නව අදහස දක්වන්න