ඇමැති ආරක්ෂක ලේකම් යළි රිමාන්ඩ් | දිනමිණ

ඇමැති ආරක්ෂක ලේකම් යළි රිමාන්ඩ්

තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවු වෙඩි තැබීමේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඇමැති ආරක්ෂක ලේකම් පොලිස් කොස්තාපල් අරුණ ශ්‍රී නන්ද සිල්වා ලබන 18 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.

එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී  සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රවේන්ද්‍ර රොද්‍රිගු සැකකරුට ඇප ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය ලබන 18 වැනි දා ඒ සම්බන්ධ නියෝගය ප්‍රකාශ කරන ලෙසට සඳහන් කළේය.

නව අදහස දක්වන්න