කෝන්වැව පලතුරු ඇසුරුම් මධ්‍යස්ථානය කැලෑවට ගිහින් | දිනමිණ

කෝන්වැව පලතුරු ඇසුරුම් මධ්‍යස්ථානය කැලෑවට ගිහින්

දැනට වර්ෂ තුනකට කලින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට අනුබද්ධව කෝන්වැව ප‍්‍රදේශයේ ඉදිකළ පලතුරු ඇසුරුම් මධ්‍යස්ථානය වසා දමා වල් බිහිවී තිබේ. දිගු කලක් ක‍්‍රියාත්මක නොකිරීම නිසා යන්ත‍්‍ර සූත්‍ර දිරාපත්ව ගොස් ඇතයි සැකකරන බව ප්‍රදේශවාසීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

මේ මධ්‍යස්ථානය විවෘත කරන විට ද විදුලිය සහ ජලය නොතිබුණු නිසා පලතුරු මිලදීගෙන ගබඩා කිරීමට නොහැකිව තිබුණි.

දැනට විදුලිය ලබාදී ඇති අතර මාසිකව විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු අනිවාර්ය ගාස්තු දිගු කලක් නොගෙවීම නිසා දැනට විදුලිය විසන්ධි කොට ඇති බව ගොවි සංවිධානවල නිලධාරීහු පැවැසුහ.

මේ ගොඩනැඟිල්ලේ පරෙවියන් ලැග අපවිත්‍ර වී තිබෙන අයුර දක්නට ලැබිණි.

ඊ. ඒ. එස්. එදිරිසිංහ මහතා -

යහපාලන රජය කාලයේ සෑදු මේ පලතුරු ගබඩා කිරීමේ මධ්‍යස්ථානය කැලේට ගිහින්. මැෂින් ආදිය දිරාපත් වෙලා. ඒ කාලෙත් විදුලිය ජලය ද තිබුණේ නෑ. කිසිම ප්ලෑන් එකක් නැතිව තමයි හදා ඇත්තේ.

ටී. ආර්. ගුණරත්න මහතා -

ලක්ෂ ගණනක් වටිනා මහජන මුදලින් සෑදූ මේ ගොඩනැඟිල්ලට හරි අයිතිකරුවකු නෑ. බලා ගැනීමට මුර කරුවකුවත් නෑ. මැෂින් දිරාපත් වෙනවා. වවුලන් සහ පරෙවියන් ගබඩාව කැත කරලා.

ගොවි සංවිධානයේ සභාපති කේ. ඒ. සුනිල් මහතා -

මේ පලතුරු ශීතකරණ ගබඩාව අයිති වන්නේ පේරාදෙණිය ගන්නෝරුව කෘෂිකර්ම මධ්‍යස්ථානයට ය. එච් කලාපයේ ගොවි සංවිධාන සියල්ලටම පොදුවේ අයත් මධ්‍යස්ථානයක්. පසුගිය දෙසැම්බර් 26 දින ජලය ලබා ගැනීමට මුදල් ලැබිලා තිබෙනවා

මේ ගබඩාව ශීත කාමරය ප‍්‍රමාණවත් නෑ. තඹුත්තේගම පමණක් ගොවියන් 453 දෙනකු සිටිනවා. ඔවුන්ගේ පලතුරු පමණක් වත් මෙහි ගබඩා කිරීමට ගෙනාවත් ගබඩා කරන්න බෑ. පලතුරු ප‍්‍රවාහනය කිරීමට ශීත කරන පහසුකම් ඇති වාහනයක් අපට නෑ.

තඹුත්තේගම සමූහ සී. එම්. ආරියපාල

නව අදහස දක්වන්න