මෝදි සිනමා තරු සමඟ සෙල්ෆි ගනියි | දිනමිණ


 

මෝදි සිනමා තරු සමඟ සෙල්ෆි ගනියි

(ක්‍රිසන්ති විතාරණ)
 
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ සිනමා කර්මාන්තයේ නියෝජිතයන් අතර  පසුගියදා නව දිල්ලියේ දී පැවැත්වුන හමුවේදී ඔවුන් එක්ව ගත් සෙල්ෆී ඡායාරූපයයි මේ. 
 
රන්වීර් සිං, රන්බිරි කපූර්, ආලියා බාත්, වරුන් ධවාන්, සිද්ධාර්ත් මල්හොත්‍රා, අයුෂ්මන් කුරානා, කරන් ජොහාර්, රොහිත් ෂෙට්ටි ඇතුළු බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන් චරිත මේ අවස්ථාව සඳහා එක්වූහ.
 
එම හමුව  කාලීන අවශ්‍යතාවයක් බවත් වඩාත් ප්‍රයෝජනවත් අවස්ථාවක් බවත් කරන් ජොහාර් පැවසීය.
 
රසාස්වාදය තුළින් වඩාත් යහපත් ජාතියක් සහ සමාජයක් ගොඩ නැගීම සඳහා සිනමා කර්මාන්තය යොදා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

නව අදහස දක්වන්න