ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් තරගාවලිය 27දා | දිනමිණ

ජාත්‍යන්තර පාසල් නෙට්බෝල් තරගාවලිය 27දා

ජාත්‍යන්තර පාසල් 20න් පහළ නෙට්බෝල් තරගාවලිය 9 වැනි වරටත් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මේ මස 27වැනිදා පැවැත්වෙයි. ඉල්මා ජාත්‍යන්තර පාසල සංවිධාන කරන මේ තරගාවලියට පසුගිය වසරේ ශූරතාව දිනාගත් ගේට්වේ ජාත්‍යන්තර පාසල සමග ආසියානු ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල, මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසල, මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, බ්‍රිතාන්‍ය පාසල, රෝයල් ඉන්ස්ටටියුට්, සෙරන්ඩිබ් බුර්හානී ජාත්‍යන්තර පාසල හා ඉල්මා ජාත්‍යන්තර පාසල සහභාගී වෙති.

මෙවර තරගාවලියේ ‘ඒ’ හා ‘බී’ වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කොට ඇති අතර ශූරතාව හා අනු ශූරතාවට අමතරව ප්ලේට් ශූරතාව වෙනුවෙන් ද තරග පැවැත්වේ. මේ පිළිබඳ කොළඹ මන්දරීනා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඉල්මා ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනී ෆරීඩා වහාබ් මහත්මිය පැවැසූවේ යෞවන ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් පමණක් නොව ඔවුන්ගේ හැකියාව හා කුසලතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලෙස මෙය සැලකිය යුතු බවයි.

“අප මේ තරගාවලිය සංවිධාන කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්ම පමණක් නොවෙයි. සියලු පාසල්වල සුහදත්වය ආරක්ෂා කරමින් ඉදිරියට යෑම අපේ අරමුණයි” ඉල්මා ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනිය පැවැසූවාය.

 

නව අදහස දක්වන්න