දිස්ත්‍රික්ක විසි­ප­හට ක්‍රීඩා ගම්මාන 25ක් | දිනමිණ

දිස්ත්‍රික්ක විසි­ප­හට ක්‍රීඩා ගම්මාන 25ක්

මානෙල් පුෂ්ප කුමාරි
බර ඉසි­ලීමේ ඉස­වු­වෙන් ජාතික හා ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ රැසක් අත්කර ගෙන ඇති දොන් කවින්ද රන්සිළු ජය­ති­ලක ක්‍රීඩ­ක­යාට ඔහුගේ පුහුණු කට­යුතු සාර්ථ­කව කර­ගෙන යාමට රුකු­ලක් වන පරිදි මොර­ටුව, අඟු­ලාන “සයු­රු­පුර “ නිවාස සංකී­ර්ණ­යෙන් නිව­සක් පරි­ත්‍යාග කිරීම නිවාස,ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු ඇමැති සජිත් ප්‍රේම­දාස අමා­ත්‍ය­ව­රයා අතින් බත්ත­ර­මුල්ලේ පිහිටි නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ (10) සිදු කෙරුණු අව­ස්ථාව. ඡායා­රූ­පය - සිරි­පාල හල්වල

ආර්ථික අග­හි­ඟ­කම් පසෙ­කලා රටට ගෞර­වය හිමි­කර දෙමින් ක්‍රීඩාවේ නියැ­ලෙන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් මෙරට දිස්ත්‍රික්ක 25ට ක්‍රීඩා ගම්මාන 25ක් ඇති කිරී­මට කඩි­න­මින් පිය­වර ගන්නා බව නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය.

ශ්‍රී ලංකා­වට ඉම­හත් ගෞර­ව­යක් අභි­මා­න­යක් ලබා දෙමින් ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සඳහා මෙම මහඟු කාර්යය ඉටු කිරීම ලබන මස වන­විට ආරම්භ කරන බවත් අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේ ය.

බර ඉසි­ලීමේ තර­ග­ව­ලින් ජාතික හා ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ රැසක් අත්කර ගත් දොන් කවින්ද රන්සිළු ජය­ති­ලක ක්‍රීඩ­ක­යාට නිව­සක් පරි­ත්‍යාග කිරීමේ අව­ස්ථාව ඊයේ (10) බත්ත­ර­මුල්ලේ පිහිටි නිවාස, ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමුවේ දී අමා­ත්‍ය­ව­රයා මේ බව කියා සිටියේ ය.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍ය­ව­රයා මේ බව ද කීය.

ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ රැසක් අත්කර ගත් නිවාස නොමැති අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට නිවාස ලබා­දීම අද ඇතැම් කණ්ඩා­ය­ම්වල සම­ච්ච­ල­යට ලක් වී තිබෙවා. පසු­ගිය රජය සමයේ පාල­ක­යන්ගේ පවුලේ පර­පු­රට කුණු කොල්ල­යට නිවාස බෙදා ගන්නා විට එය කිසි­ව­කුගේ සාක­ච්ඡා­ව­ටත් සම­ච්ච­ල­ය­ටත් ලක් නොවීම කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක්.

ජාත්‍ය­න්තර පද­ක්කම් 52ක් ලබා­ගත් කවින්ද රන්සිළු ජය­ති­ලක වැනි උප­රිම දක්ෂ­තා­වන් දක්වන ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් පසු­ගිය කාලයේ කිසිදු ඇග­යී­ම­කට ලක් නොවීම පිළි­බඳ කන­ගාටු වෙනවා. ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ ලබා ගනි­මින් රටට කීර්තිය ලබා­දී­මට වෙහෙස වන සෑම ක්‍රීඩක ක්‍රීඩි­කා­ව­ක­ටම ලබා­දිය යුතු ශක්තිය සහ ඇග­යීම නිවාස,ඉදි­කි­රීම් හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ලබා­දී­මට කට­යුතු කර­නවා.

රාජ්‍ය සම්පත්,රාජ්‍ය දේපල ලැබිය යුතු සුදු­ස්සන්ට ලබා­දීම අපගේ දේශ­ප්‍රේ­මි­ත්ව­යයි. මහා භාණ්ඩා­ගා­රයේ මුද­ලින් සහ ජනතා මුද­ලින් ඉදි­ක­රනු ලබන නිවාස කිසි­වි­ටක තම පවුල් පර­පුර වෙනු­වෙන් බෙදා නොගන්නා බව තමා නිවාස අමා­ත්‍ය­ව­රයා ලෙස තරයේ ම ප්‍රකාශ කර­නවා.

ජනා­ධි­ප­ති­තු­මාගේ සහ අග­මැ­ති­ව­ර­යාගේ පූර්ණ ආශී­ර්වා­ද­යත් මගේ මඟ පෙන්වී­මත් යටතේ අද මේ කට­යුත්ත සිදු කර­නවා. දේශීය සහ ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ රැසක් ලබා­දුන් කවින්ද රන්සිළු ක්‍රීඩ­ක­යාට මිලි­යන 3ක් වටිනා මහල් නිව­සක් පරි­ත්‍යාග කර­නවා. අපේ රටට ලබා­දුන් ඉම­හත් ගෞර­ව­යත් අභි­මා­න­යත් වෙනු­වෙන් තමයි එතු­මාට ඒ පරි­ත්‍යා­ගය ලබා දුන්නේ. ඉදි­රියේ දී ජය­ග්‍ර­හණ රැසක් ලබා දීමට අවශ්‍ය ධෛර්ය­යට මේක උත්තේ­ජ­ක­යක් වෙයි කියා සිත­නවා. වර්ත­මා­නයේ එතුමා කුලී නිව­සක ජීවත් වෙමින් තම ක්‍රීඩා කට­යුතු සිදු කරන මොහො­තක මෙවැනි පරි­ත්‍යා­ග­යක් කිරී­මෙන් ක්‍රීඩා කට­යු­තු­ව­ලට මහත් ශක්ති­යක් ලැබෙ­නවා.

වසර 2017 දී දකුණු අප්‍රි­කාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩ­ලීය තර­ගා­ව­ලියේ දී රන් පද­ක්කම් 2ක් හා රිදී පද­ක්කම් 3ක් ඇතුළු ජාත්‍ය­න්තර පද­ක්කම් 52ක් සමඟ බර ඉසි­ලීමේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාත්‍ය­න්තර මට්ටමේ ජය­ග්‍ර­හණ රැසක් හිමි­ක­ර­ගෙන ඇත.

නව අදහස දක්වන්න