අගමැති රනිල්ට රාහුල් ගාන්ධිගෙන් සුබ පැතුම් | දිනමිණ

අගමැති රනිල්ට රාහුල් ගාන්ධිගෙන් සුබ පැතුම්

මෑතක දී ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන ප්‍රවණතා සහ එමඟින් ඇතිවූ ව්‍යවස්ථාමය අර්බුදය, ශ්‍රී ලංකාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන සෑම දෙනෙකුගේම කණස්සල්ලට හේතුවූ බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ශ්‍රී රාහුල් ගාන්ධි මහතා ප්‍රකාශ කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශකර තිබේ.

ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ශ්‍රී ලංකා අගමැතිවරයා වශයෙන් එම ධුරයේ නැවතත් රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සුබපැතුම් පිරිනමන රාහුල් ගාන්ධි මහතා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවතීමත් ශ්‍රේෂ්ඨාදිකරණ තීන්දුවත් යන කාරණා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සපථ කරන ලක්ෂණ ලෙස දැක්විය හැකි බවද කියාසිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය එමගින් යළි යළිත් තහවුරු වන අතර අගමැතිධූරයේ වැඩකටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක්කරන බවද කියාසිටී.

නව අදහස දක්වන්න