දින 52 රංගනයෙන් කෝටි 200ක් භාණ්ඩාගාරයට ගියා | දිනමිණ

දින 52 රංගනයෙන් කෝටි 200ක් භාණ්ඩාගාරයට ගියා

මානෙල් පුෂ්ප කුමාරි

පසුගිය දින 52 රටේ සිදු වූ විහිළුකාර දේශපාලන රංගනය තුළ රටේ ජනතාවට හිමිවීමට තිබූ නිවාස ඉදිකිරීම් අහිමි කරමින් ඒ සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 2000ක අරමුදල් නැවත භාණ්ඩාගාරයට ඇදී ගිය බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මේ හේතුවෙන් රටේ ජනතාවට හිමිවීමට තිබූ නිවාස ඉදිකිරීම් අහිමි වූ බවත් 2015, 2016 සහ 2017 වසරවල නිවාස ඉදිකිරීම් සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ බවත් කී ඇමැතිවරයා එය 2018 වසරේ දී සියයට අසූ දෙකකින් අඩු වූ බවත් කීය.

බර ඉසිළීමේ තරගවලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් දොන් කවින්ද රන්සිළු ජයතිලක ක්‍රීඩකයාට නිවෙසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාව ඊයේ (10) බත්තරමුල්ලේ පිහිටි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නව අදහස දක්වන්න