තෛපොංගල් සඳුදා උතුරේ පාසල් වසයි | දිනමිණ

තෛපොංගල් සඳුදා උතුරේ පාසල් වසයි

ජාතික යොවුන් තෛපොංගල් සැමරුම් උත්සවය මේ මස 18 සහ 19 වන දා ත්‍රිකුණාමලය - තඹලගමුවේදී පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

තඹලගමුව - කෝනනායගර් කෝවිලේ සහ ආදිකෝනේෂ්වරන් විද්‍යාලයේදී මෙම සැමරුම් උත්සවය පැවැත්වේ.

සිංහල, දෙමළ, මුස්ලිම් සංස්කෘතියට අනුව සකස් කළ කැවිළි වර්ග රැගෙන තරුණ, තරුණියන් දහසකට වැඩි පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වන බව ද ජාතික තරුණ සේවා සභාව ද සදහන්.

මේ අතර, ලබන අඟහරුවාදාට යෙදෙන තෛපොංගල් දිනය නිමිත්තෙන් සඳුදා දිනයේදී සියලුම උතුරේ පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කලේය.

නව අදහස දක්වන්න