සැක කටයුතු පාර්සල් යැවීම: පුද්ගලයෙක් අත්අඩංගුවට | දිනමිණ

සැක කටයුතු පාර්සල් යැවීම: පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ කැන්බරා, මෙල්බර්න් සහ සිඩ්නි නගරවල පිහිටි තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල් යැවීම සම්බන්ධයෙන් පුද්ගලයකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට අනුව අත්අඩංගුවට පත් මේ පුද්ගලයා විසින් පාර්සල් 38ක් මෙලෙසින් යවා ඇත. එම ස්ථානයන්හි කාර්ය මණ්ඩලය විසින් සැක කටයුතු පාර්සල් පිළිබඳව දැන්වීමෙන් පසු හදිසි සේවා කණ්ඩායම් වහාම යොමු කිරීමට ඔස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කළ අතර සමහර පාර්සල් ඇස්බැස්ටස් බවට ලේබල් කර තිබූ බව එහිදී අනාවරණය කෙරිණ. කෙසේ වුවත් එම පාර්සල්වල අඩංගු දෑ හඳුනා ගනිමින් පවතියි. කාර්ය මණ්ඩලයේ කිසිවකුට ඒවායින් අනතුරක් වූ බවට වාර්තා වී නොමැත.

 

නව අදහස දක්වන්න