පොලිස්පතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට | දිනමිණ

පොලිස්පතිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (14) දිනයේ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. 
 
ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව   සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට අද දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.
 
ඒ අනුව අද දිනයේ උදෑසන 9.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
 
පොලිස්පතිවරයාගෙන් කටහඩ සාම්පලයක් ලබාගැනීමට අද දිනයේ මෙම කැඳවීම සිදු කර තිබේ 

නව අදහස දක්වන්න