විදේශිකයන් දෙදෙනෙක් දියේ ගිලි මරුට | දිනමිණ

විදේශිකයන් දෙදෙනෙක් දියේ ගිලි මරුට

දිවයිනේ ප්‍රදේශ දෙකකදී විදේශිකයන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ වෙන්නප්පුව සහ මාතර යන ප්‍රදේශ වලින් අදාල සිදුවීම් වාර්තා වී ඇති බවයි.
 
වෙන්නප්පුව වේලක්කන්නි පල්ලිය අසල මුහුදු තීරයේ ඊයේ(13) දහවල් දිය නෑමට ගිය ජර්මන් ජාතිකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදී ජර්මන් ජාතිකයෙකි.
 
මේ අතර මාතර මඩිහ ප්‍රදේශයේ දී රළ මත ලිස්සායාමේ ක්‍රිඩාවේ යෙදී සිටියදී බ්‍රිතාන්‍ය ජාතිකයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිත්ක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරි දි බ්‍රිතාන්‍ය ජාතිකයකු බව වාර්තා වේ.
 
මෙම සිද්ධින් සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.
 

නව අදහස දක්වන්න