දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීමට අසාද් සාලි සූදානම් | දිනමිණ

දරුවන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීමට අසාද් සාලි සූදානම්

(සුභාෂිණී සේනානායක)
 
බස්නාහිර පළාතේ පාසල් දරුවන් මත්ද්‍රව්‍යට ගොදුරු වීම වළක්වා ගැනීම සඳහා ගත ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා මේ බව කියා සිටියේ අද (14) එම කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
 
පාසල් අසළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදු කෙරෙන බව පවසන ආණ්ඩුකාරවරයා ඒ සඳහා ඇතැම් දෙමව්පියන් පවා සම්බන්ධ වී සිටින බවට මේ වන විට තොරතුරු තහවරු වි ඇති බවත් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන්  පොලිසිය ඇතුලු පිරිස් සමග අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් කියා සිටියේය.
 
මත් උවදුර මැඩලීමටත් මත් රකුසාගෙන් පාසල් දරුවන් බේරා ගැනිමටත් පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන වල පූජකවරුන් ඇතුලු පිරිස් ඒකරාශි කරගන්නා බවත් ඔවුන් සම්බන්ද කරමින් දරුවන් මින් මුදවා ගැනිමිට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටියේය.
 
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීමේ දැඩි අවධානමක් මේ වන විට රට තුළ මතුව ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය මේ සඳහා යොමු ඇති බවත් කියා සිටින ආණ්ඩුකාරවරයා පාසල් අසළ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන් වහාම අත්අඩංගුවට ගෙන නිතිය හමුවට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවත් කියා සිටියේය.
 
මේ මත් උවදුර නැවැත්වීම සඳහා කඩිනමින් පියවර ගැනිමට තමන් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීමත් සමග පියවර ගත් බව කියා සිටි ආණ්ඩුකාරවරයා මේ සඳහා කිමුටු පත් කර ඉදිරි පියවර ගැනිමට් තමන් සූදානම් බවත් ඒ සඳහා එන සෑම අභියෝගයකටම මුහුණ දීමට සූදානම් බවත් අවාධාරණය කළේය.
 

නව අදහස දක්වන්න