මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට | දිනමිණ

මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් මන්නාරම වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් අද(14) උදෑසන සොයාගෙන තිබේ.
 
මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 302 ක්  ඩිංගි යාත්‍රාවක් තුළ මලු 12ක සගවා තිබියදී උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙය සොයා ගෙන ඇත. මන්නාරම වෙරළ ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී මොවුන් මෙය සොයාගෙන තිබේ.
 
මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි බෝට්ටුව ඉදිරි පරීක්ෂණ සදහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දී ඇතැයි නාවික හමුදාව පවසයි.

නව අදහස දක්වන්න