රණවිරුවෝ කිසිම අධිකරණයකට ගෙනියන්න දෙන්නේ නැහැ - ඇමති තලතා | දිනමිණ

රණවිරුවෝ කිසිම අධිකරණයකට ගෙනියන්න දෙන්නේ නැහැ - ඇමති තලතා

තමන්ගේ ලෙයින් දහඩියෙන් කුරිරු යුද්ධය අවසන් කරලා මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්න දෙන්නේ නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
 
ඇමතිවරිය මේ බව කියා සිටියේ කහවත්ත මිණි දියවර ප්‍රජා මුල සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (13 ) එක්වෙමිනි.
 
නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ  825 ක මුදලක් මේ සදහා වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය මෙම වසරේ දෙසැම්බර් 07 වැනි දින අවසන් කිරීමට නියමිතයි.මෙමගින් පවුල් 640 කට වතුර සැපයීම ලැබීමට නියමිතව තිබේ.
 
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
 
“අපි එක්සත් ජාතික පක්ෂය හැම විටම බෞද්ධාගමට ගරු කරනවා.අපි හොද බෞද්ධයෝ අපි මොනම හේතුවක් නිසාවත් කිසිම අයුරකින් මේ රට බෙදන්න දෙන්නෙත් නැහැ මේ රටේ තිබුනු කුරිරු යුද්ධය අවසන් කරන්න තමන්ගේ ලෙයින් දහඩියෙන් ත්‍රස්තවාදය අවසන් කරන්න මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්න දෙන්නෙත් නැහැ.මේවා බොරු ප්‍රචාර.ළිද ළග එකයි ඇළ ලග එකයි .කට්ටියකට බලය තියා ගන්න ඕන .කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕන. “

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න