පිඹුරකුගේ සිරුරෙන් කිනිතුල්ලන් 500ක් ඉවතට | දිනමිණ

පිඹුරකුගේ සිරුරෙන් කිනිතුල්ලන් 500ක් ඉවතට

කිනිතුල්ලන් 500 කට වැඩි ප්‍රමාණයක් පිඹුරකුගේ සිරුරෙන් ඉවත් කළ බවත්, නීරක්තය හේතුවෙන් දුර්වල තත්ත්වයේ පසුවන එම පිඹුරාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කළ බවත් ඕස්ට්‍රේලියානු පශු වෛද්‍යවරුන් පවසයි. 
 
ක්වීන්ස්ලන්ඩ් හි ගෝල්ඩ් කෝස්ට් පිහිණුම් තටාකයක සිටියදී මෙම පිඹුරා සර්පයින් අල්ලන්නන් විසින් අල්ලා ගෙන ඇත. මේ වන විට "නයික්" ලෙස නම් කර ඇති පිඹුරා දැඩි සේ ආසාත්මික තාවයට පත්ව ඇති බව පශු වෛද්‍යවරු අනාවරණය කරයි. 
 
පිඹුරාගේ නිශ්චලතාව මේ ලෙස කිනිතුල්ලන් බෝ වන්නට හේතු වන්නට ඇති බව ඔවුන් ගේ මතයයි. 
ඉදිරි මාස කිහිපය තුළ පිඹුරා ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වනු ඇති බවත්, අනතුරුව "නයික්" වනාන්තරයට මුදා හැරීමට අදහස් කරන බවත් ඔවුන් පවසයි. 

නව අදහස දක්වන්න