ශකීල් සිද්දික් මහතාගේ අංජලීකරණීයෝ ග්‍රන්ථය එළිදකී | දිනමිණ

ශකීල් සිද්දික් මහතාගේ අංජලීකරණීයෝ ග්‍රන්ථය එළිදකී

ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකීල් සිද්දික් මහතා විසින් රචිත බානගල උපතිස්ස නාහිමි චරිතාප්‍රදානය “අංජලීකරණීයෝ ”ග්‍රන්ථය ජනගත කිරීම පසුගියදා ආරක්ෂක සේවා ශ්‍රවණාගාරයේදී පූජ්‍ය ඉත්තෑපා‍ෙන් ධම්මාලංකාර නාහිමි සහ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඉන්දීය ජාතික ශකීල් සිද්දික් මහතා රචිත බානගල උපතිස්ස නාහිමි චරිතාප්‍රදානය ඉස්ලාම් භක්තිකයකු බෞද්ධ භික්ෂුවක් පිළිබඳ රචිත ලොව ප්‍රථම ග්‍රන්ථය වේ. සිද්දිකි මහතා බානගල උපතිස්ස නාහිමි සමඟ වයස අවුරුදු දොළොසේ සිට එකට අධ්‍යාපනය ලද අයෙකි. ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ට සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ශකීල් සිද්දික් මහතා විසින් ග්‍රන්ථය පිළිගැන්වීය.

නව අදහස දක්වන්න