සෞදි තරුණිය පිළිගන්න හඬ නැගූ ටරෙක් ගුවන් තොටුපොළට | දිනමිණ

සෞදි තරුණිය පිළිගන්න හඬ නැගූ ටරෙක් ගුවන් තොටුපොළට

ගෙවී ගිය සුමානය තුළ ලොව සුවහසක් අවධානය දිනා ගත් සෞදි තරුණිය රහෆ් අල්-කුනන් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ කැනඩාවට පැමිණෙද්දී ඇය වෙනුවෙන් හඬ නැගූ ටරෙක් ෆටාහ්, ඇය පිළිගැනීමට ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ මෙසේය. රහෆ් මුහුණ දී සිටි අනතුරුදායක තත්ත්වයෙන් මුදා ගැනීමට ටරෙක් සහ ඔහුගේ දියණිය නතාෂා අන්තර් ජාලය හරහා ආරම්භ කළ ගෝලීය සටන මුළු මහත් මානව සංහතියේ මානුෂීය ගුණාංග ඉස්මතු කළ අවස්ථාවක් බව ටිවිටර් වෙත මුදා හැර තිබූ මේ ඡායාරූපය සඳහා සටහන් තබන දහසක් දෙනා පවසා තිබේ.

මේ අතර රහෆ් අල්-කුනන් සිට ට්විටර් ගිණුමේ ලිපිනය ඔන්ටාරියෝ, කැනඩාව ලෙස වෙනස් කරමින්, ඔබේ තටු සිඳීමට කිසිවකුට අවස්ථාව දෙන්න එපා! ඔබ නිදහස්. සටන් කර ඔබේ අයිතිවාසිකම් දිනා ගන්න! යැයි සටහන් කර තිබේ.

 

නව අදහස දක්වන්න