පාකිස්තානයට කළ විදිහටම ශ්‍රී ලංකාවටත් සලකනවා | දිනමිණ

පාකිස්තානයට කළ විදිහටම ශ්‍රී ලංකාවටත් සලකනවා

තරග 3-0කින් ටෙස්ට් තරගමාලාව ජයගනිමින් සංචාරක පාකිස්තානු පිලට උරුම කරදුන් අන්ත පරාජය ලබන පෙබරවාරියේ දකුණු අප්‍රිකාවට පැමිණෙන ශ්‍රී ලංකාවටත් අත්කරදෙන බව දකුණු අප්‍රිකානු පිලේ වැඩ බලන නායක ඩීන් එල්ගර් පවසයි.

‘තරග 3-0ක් තමයි ක්‍රීඩකයන්ගෙන් අප ඉල්ලා සිටියේ. මෙවර තරගවාරයේ අපේ ඉලක්කයෙන් භාගයක්ම අපි දැන් සම්පුර්ණ කර හමාරයි. අපිට දැන් අවශ්‍ය කරන්නේ මෙවැනිම පරාජයක් ලබන පෙබරවාරියේ පැමිණෙන ශ්‍රී ලංකා පිලටත් අත්කර දීමටයි.

පාකිස්තානය 3-0කින් පරාජය කිරීමේදී අප ඔවුන්ව සැහැල්ලුවට ගත්තේ නෑ. නමුත් අපේ වේගපන්දු යවන්නන් සිවුදෙනා ගැන ලොකු විශ්වාසයකින් සිටියේ. ඔවුන් අවශ්‍ය දේ කළා.’ ඔහු කීවේය.

මේ ජයග්‍රහණයත් සමග ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැනට පත්වීමට දකුණු අප්‍රිකානු පිල සමත්විය. තවදුරටත් එම ස්ථානය රැක ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ඨ තරගමාලාවක් නිමා කිරීමට බලාපොරොත්තු වන බව එල්ගර් සඳහන් කළේය.

නව අදහස දක්වන්න