වේල්ස් කුමරුවෝ ඉනිමකින් ජය ගනිති | දිනමිණ

වේල්ස් කුමරුවෝ ඉනිමකින් ජය ගනිති

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසනෝද් විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 85ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

වේල්ස් කුමර විදුහල් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සත්කාරකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 335ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.

පිළිතුරු ලෙස මැසනෝද් පිලට පළමු ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 69ක් පමණි. ලකුණු 266ක් පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරැඹු මැසනෝද් දෙවැනි ඉනිම ලකුණු 181කට සීමා කරමින් ඉනිමක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහලට හැකිවිය.

ජයග්‍රාහී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කෞමාල් නානායක්කාර මැසනෝද් දෙවැනි ඉනිමේදී ලකුණු 64කට පිතිකරුවන් හත්දෙනකු දවාගත් අතර පළමු ඉනිමේදී කඩුලු 2ක් බිඳ දැමීය. ඔහුට අනගි සහයක් ලබාදුන් සුවත් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී කඩුලු 2ක් දවාගත් අතර පළමු ඉනිමේදී කඩුලු 4ක් දවා ගත්තේය. ඔහු සමගින් දිනුර ප්‍රනාන්දු, ප්‍රින්ස් ප්‍රනාන්දු සහ අනුජ රන්පුල් වේල්ස් කුමරය වෙනුවෙන් අර්ධ ශතක රැස් කිරීමටද සමත් වුහ. නඳුන් ඩිල්ෂාන් මැසනෝද් දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කළේය.

වේල්ස් කුමර පළමු ඉනිම - 335/4 (ඕවර 65) සුවත් මෙන්ඩිස් 84, දිනුර ප්‍රනාන්දු නොදැවී 55, ප්‍රින්ස් ප්‍රනාන්දු 54, විනුජ රන්පුල් 51 (සඳෙව් මීවන 80/2)

ද මැසනෝද් පළමු ඉනිම - 69 (ඕවර 24.5) (සුවත් මෙන්ඩිස් 31/4, නදුක ප්‍රනාන්දු 15/3, කෞමාල් නානායක්කාර 7/2) සහ දෙවැනි ඉනිම - 181 (ඕවර 69.3) නඳුන් ඩිල්ෂාන් 54 (කෞමාල් නානායක්කාර 64/7, සුවත් මෙන්ඩිස් 77/2)

සා.සෙබස්තියන් දිනයි

කෑගල්ල සාන්ත මේරි විදුහල සමග පැවැති පළමු කොටසේ තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

කටුනේරියේ පැවැති මේ තරගයේදී ජයග්‍රාහී සාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් සිතුම් අචිරංග (41/5 සහ 36/3) සහ දුෂාන් ප්‍රමෝද් (30/4) පන්දුවෙන් දස්කම් දැක්වූ අතර තිනෙත් වීරසූරිය සාන්ත මේරි විදුහල වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

සා.මේරි පළමු ඉනිම - 147 (ඕවර 78) ගජිත කොටුවේගොඩ 42 (සිතුම් අචිරගේ 41/5, දුලාජ් අශේන් 22/3) සහ දෙවැනි ඉනිම - 124 (ඕවර 63.4) (දුෂාන් ප්‍රමෝද් 30/4, සිතුම් අචිරංග 36/3)

සා.සෙබස්තියන් පළමු ඉනිම - 168 (ඕවර 55.1) අයන අභිෂේක් 44 (තිනෙත් වීරසූරිය 43/5, අකලංක පෙතියගොඩ 47/2) සහ දෙවැනි ඉනිම - 106/2 (ඕවර 15.1)

නිරෝෂාන් ප්‍රියංකර
ඩිල්වින් මෙන්ඩිස්
මොරටුව ක්‍රීඩා

 

නව අදහස දක්වන්න