ICC නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවේ මනූට | දිනමිණ

ICC නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවේ මනූට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ඉන්දීය ජාතික මනු සොව්නි පත්කළ බවට එම ආයතනය නිවේදනය කරයි.
 
නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස මනු සොව්නි පත්කෙරුණද හිටපු ප්‍රධාන විධායක නිලධාරි වන ඩේවිඩ් රිචර්ඩ්සන් එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය නිමාවන තෙක් එම ධුරයේ කටයුතු කෙරෙන බවද සඳහන් වේ.
 
සොව්නි පෙබරවාරි මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එක්වීමට නියමිත අතර ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු, ඩේවිඩ් රිචර්ඩ්සන්ගේ තනතුර නිල වශයෙන් භාර ගැනීමට නියමිත ය.
 
මනු සොව්නි ප්‍රවීන මාධ්‍ය වෘත්තිකයෙක් ද වේ. 
 

නව අදහස දක්වන්න