වත්තල වෙඩි තැබීම: මියගිය අයකුගේ සිරුරේ වෙඩි පහරවල් 21 ක් | දිනමිණ

වත්තල වෙඩි තැබීම: මියගිය අයකුගේ සිරුරේ වෙඩි පහරවල් 21 ක්

වත්තල හේකිත්ත අයියප්පන් සබරිමලේ කෝවිල අසලදී ඉකුත් 13වනදා සවස 3 15ට පමණ නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් ටී56 ගිණි අවි වලින් වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් දෙදෙනාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය 14වනදා රාගම රෝහල් මෘත ශරීරාගාරයේදී පවත්වන ලදී.

උතුරු කොළබ ශික්ෂණ රෝහලේ විශේෂඥ්ඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිවු එන් එස් පෙරේරා මහත්මිය විසින් මේ මළ සිරුරු පිලිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පවත්වා ඇති අතර මියගිය 36හැවිරිදි රාජේන්ද්‍රන් ස්ටීවන් හෙවත් චාල්ස් නැමැති අයගේ මරණය වෙඩි පහරවල් 21 වැදීමෙන් සිදුවී ඇති බවත් චාල්ස් සමග එකම වාහනයේ ගමන් කළ මියගිය අනෙක් පුද්ගලයා වූ 33 හැවිරිදි මදී නැමති තරුණයා වෙඩිපහරවල් 4ක් නිසා මරණයට පත්ව ඇති බවත් සදහන් කර ඇතැයි මේ මිනිස් ඝාතනය සම්බංධව පරීක්ෂණ සිදු කරන වත්තල පොලීසිය පැවැසීය.

සී සී ටී වී දර්ශන ඔස්සේ යමින් පොලීසිය පරීක්ෂණ මෙහෙයවන අතර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු මිය ගිය අයගේ සිරුරු පවුලේ අය වෙත 14 වනදා රාගම රෝහලේදී භාරදී ඇත.

රාගම සමූහ

නව අදහස දක්වන්න