නිධන් හාරමින් සිටි 12ක් අත්අඩංගුවට | දිනමිණ

නිධන් හාරමින් සිටි 12ක් අත්අඩංගුවට

නිධන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් 12 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
නවගත්තේගම, තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඓතිහාසික ස්ථානයක කැනීම් සිදුකරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
වැටලීම සිදුකළ අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් තිබේ. අදාළ ස්ථානයේ අඩි 10 ක් පමණ ගැඹුරට කැනීම් සිදුකර තිබූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් සදහන් කළේය. සැකකරුවන් පැමිණි වාහනය හා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

නව අදහස දක්වන්න