මත් පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට | දිනමිණ

මත් පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

විවිධ වර්ගයේ මත් පෙති ලක්ෂයකට අධික ප්‍රමාණයක් වීරගුල පොලීසියට ලැබුණ තොරතුරකට අනුව වැටලීමක් සිදු කර අත්අඩංගුවට ගෙන ඇත.
 
පස්යාල, වීරසූරියකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නොකළ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබියදී මෙම මත්පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.
 
59 හැවිරිදි සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට  අද(16) ඉදිරිපත් කිරීමට නියමිතය. 
 
වීරගුල පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.

අදහස් 1ක් ඇත

kisi dinaka me matha mardanaya karannata lanka rajayata nohakiweema kanagatuwaki !

නව අදහස දක්වන්න