ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාමල්,විමල්,ශෂීගෙන් ප්‍රකාශ | දිනමිණ

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය: නාමල්,විමල්,ශෂීගෙන් ප්‍රකාශ

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කුමන්ත්‍රණය චෝදනාවේ පළමු සැකකරු වන ඉන්දියානු ජාතිකයා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය ගැන ප්‍රකාශ ලබා ගැනිමට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමල් වීවංශ ,නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉදිරි සතියේ රහස් පොලිසියට ගෙන්වීමට කටයුතු කර ඇතැයි රහස් පොලිසිය අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිණ.
 
මේ සම්බන්ධයෙන් මේ වන විටත් ඔවුන් දැනුවත් කර ඇති බව රහස් පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය. දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාර සම්බන්ධයෙන් කරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙමින් ඔහු මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.
 
රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සහ ඉන්දීයනු ජාතිකයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
එදිනට නාලක සිල්වා මහතාට ජාතික රෝහලේ ලබා දෙන ප්‍රථිකාර බන්ධනාගාර රෝහලෙන් ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවමීමටද නියෝග කෙරිණ.
 

නව අදහස දක්වන්න