සංචාරකයින් මිලියන තුනක් | දිනමිණ

සංචාරකයින් මිලියන තුනක්

මෙම වසර තුළ දී මිලියන 3ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි සංචාරක හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ පසුගියදා කොළඹ දී පැවති Wildlife Park Day Entry Digital Permit eService සේවාවන් එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ “විදේශ විනිමය ඉපයීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හරහා යැපෙනවා. මේ වෙලාවේ අපි තමයි ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්නා. අපේ ඉලක්කය මේ වසර අවසානයේ දී අංක 2 ට පැමිණීම.අවාසනාවන්ත විදියට පසුගිය වසරේ අවසාන මාස 3 දී දේශපාලන අර්බුදකාරීත්වයකට අපට මුහුණ දෙන්න වුණු නිසා අපිට අපේ ඉලක්කය කරා යන්න නොහැකි වුණා.කෙසේ වෙතත් මේ වසරේ දී අපේ අරමුණ සාර්ථක වේවි. මිලියන 3 ක සංචාරක ඉලක්කයක් සමඟින් 2019 වසර නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.“ යනුවෙනි.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න