IMF විශේෂ කණ්ඩායමක් දිවයිනට | දිනමිණ

IMF විශේෂ කණ්ඩායමක් දිවයිනට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක ක්‍රිස්ටීන් ලැග්‍රේඩ් මහත්මිය අතර හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරේදි පවත්වා ඇත.
 
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය මංගල සමරවිර මහතා සටහන් කරමින් කියා සිටින්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂකවරිය සමග පැවති සාකච්ජාව ඵලදායිතාවයෙන් යුක්තවු බවයි.
 
එහිදි යළිත් වරක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන් ආරම්භ කිරිම හා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සදහා එළඹෙන පෙබරවාරි මාසයේදී ඉහළ පෙලේ නිළධාරින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව එම සටහනෙන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

නව අදහස දක්වන්න