ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව | දිනමිණ

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිනි නිකී හැලී ඉදිරිපත් වනු ඇති බවට වාර්තා වෙයි.

ලෝක බැංකු සභාපති ධුරයේ කටයුතු කළ ජිම් යොං කිම් පසුගිය සදුදා දිනයේ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව එම ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකයන් ලෙස ඉවන්කා ට්‍රම්ප් හා නිකී හැලී ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ඉවන්කා ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකවරියක ලෙස ද කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හැලී පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එම ධුරයෙන් ඉල්ලා අස්විය.

 

නව අදහස දක්වන්න