අපජල පද්ධතියක් පුපුරා ලිමා නගරය යට වෙයි | දිනමිණ

අපජල පද්ධතියක් පුපුරා ලිමා නගරය යට වෙයි

* ඇතැම් ස්ථානවල අඩි 5ක් ජලය
* පුද්ගලයන් 2,000කට පිඩා
* දුර්ගන්ධයෙන් රෝගී තත්ත්වයක්

අපජල පද්ධතියක් පුපුරා යාමෙන් පේරු රාජ්‍යයේ ලිමා අගනුවර ජලයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් 2000ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය. පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ප්‍රධාන අපජල පද්ධතිය පුපුරායාමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ.

ඇතැම් ස්ථානවල අඩි 5ක් පමණ උසට ජලය පිරී ඇති බව විදෙස් වාර්තා කියයි.

ඉන් පුද්ගලයන් 2,000ක් පමණ පීඩාවට පත්ව සිටින අතර අපජලයෙන් නිකුත් වන දුර්ගන්ධය හේතුවෙන් රෝගී තත්ත්වයන් ද හටගෙන ඇති බව සඳහවේ.

මේ හේතුවෙන් ඇතැම් අයට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටත් සිදු වී ඇත.

මේ අතර නගර වැසියන් බොහෝ පිරිසක් සිය නිවෙස්වලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් බලධාරීන්ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා සිටින බවද වාර්තා වේ.

නව අදහස දක්වන්න