නෝර්මා සුළි කුණාටුව ලෙබනනය හොල්ලයි | දිනමිණ

නෝර්මා සුළි කුණාටුව ලෙබනනය හොල්ලයි

පසුගිය දිනවල ලෙබනනය හරහා හමා ගිය නෝර්මා සුළි කුණාටුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 100ක් පමණ පීඩාවට පත්ව සිටින බව එරට වාර්තා සඳහන් කළේය.

ඉන් වැඩි හානි සිදුව ඇත්තේ සිරියානු සරණාගත ජනතාව වාසය කරන කඳවුරු පිහිටි බෙකා නිම්නයටය.

එහි කඳවුරු රැසක් ජලයෙන් යට වී ඇති අතර ආහාර හිඟවීම සහ දැඩි සීත කාලගුණයෙන් සරණාගත ජනතාව පීඩාවට පත්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම ජනතාවට ගිනිදල්වා ගැනීමට ඉන්ධන හෝ දර නොමැති බවත් කුඩා දරුවන්ට සහ වියපත් අයට දරාගත නොහැකි තරම් අධික සීතලක් කඳවුරුවල පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

බෙකා නිම්නයේ වෙසෙන සරණාගත පවුල් සියයක් පමණ මෙලෙස පීඩාවට පත්ව සිටින බවද එම වාර්තාවල දැක්වෙයි.

මේ අතර ලෙබනනයේ කාලගුණ බලධාරීන් පවසන්නේ එරටට තවත් කුණාටුවක අවදානමක් පවතින බවයි. එය නෝර්මා සුළි කුණාටුවට වඩා ප්‍රබල එකක් වියහැකි බවටද ඔවුන් අනතුරු අඟවයි

නව අදහස දක්වන්න