සුඩාන විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති | දිනමිණ

සුඩාන විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති

සුඩානයේ කාර්ටුම් අගනුවර පැවැති විරෝධතාවක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ.

විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය මැදිහත්වූ අවස්ථාවේ ගැටුම හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතාවලට මේ වන විට සති හතරක් පමණ ගතවී තිබේ.

බෂීර්ගේ වසර 30ක පමණ පාලන කාලය අවසන් කළ යුතු බව පවසමින් වීථිවලට අවතීර්ණවී සිටින ජනතාව පවසන්නේ මෙම පාලකයන් සිය දේශය සොරාගෙන සිටින බවයි.

මේ අතර කාර්ටුම් අගනුවර මහාමාර්ග වල ටයර් පුළුස්සමින් පසුගියදා තවත් විරෝධතාවක් පවත්වා තිබුණි.

එම පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් සහ වෙඩිතැබීමක් සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුමක්ද හටගෙන තිබුණි.

විරෝධතා ආරම්භ වූ ඉකුත් දෙසැම්බර් 19වන දා සිට මේ දක්වා කාලය තුළ හටගත් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු පමණ මියගොස් ඇති බව සුඩාන වාර්තාවල දැක්වෙයි.

කෙසේ නමුත් එම සංඛ්‍යාව 40 ඉක්මවන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.

නව අදහස දක්වන්න