ජපානය වාසනාවන්තම තැනැත්තා තෝරයි | දිනමිණ

ජපානය වාසනාවන්තම තැනැත්තා තෝරයි

ජපානය මෙවරත් වසරේ වාසනාවන්තම පුද්ගලයා තේරීමට කටයුතු කර තිබේ.

ඒ වෙනුවෙන් ඔවුන් ධාවන තරගයක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වසරේ වාසනාවන්තම පුද්ගලයා තේරීම සඳහා බටහිර ජපානයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ධාවන තරඟය මෙවරත් කා අතරත් කතාබහට ලක්විය. මෙවර එය එය පැවැත්වුණේ තරගකරුවන් 5000කගේ පමණ සහභාගීත්වයෙනි.

බටහිර ජපානයේ නිෂිනෝමියා සිද්ධස්ථානය මුල් වී මෙය සංවිධානය කර තිබුණි. එහි ප්‍රධාන ශාලාව තරගයේ අවසානය ලෙස සනිටුහන් වන අතර ජයග්‍රහණය වෙනුවෙන් තරඟකරුවන් සඳහා ගමන් කළ යුතු මුළු දුර මීටර් 230කි.

හිරෝෂිමා නගරයෙන් ඉදිරිපත් වූ විසි දෙහැවිරිදි යුකී යමමොටෝ මෙවර තරගයේ ජයග්‍රාහකයායි.

නව අදහස දක්වන්න