රවි මාරුවේ ගුණා’ගුණ | දිනමිණ

රවි මාරුවේ ගුණා’ගුණ

2019.01.15 වෙනි කුජදා එනම් ‍ඊයේ දින රවි ග්‍රහයා ධනු රාශියෙන් මකර රාශියට පිවිසුණි. එය පෙබරවාරි මස14 වෙනිදා තෙක් පවතී. මෙය විටෙක රජ ගෙදර රජු හිඟන්නාගේ ගෙදරට පිවිසුනාක් වැනි නීච තත්ත්වයකි. මකර රාශියේ සතුරු වෙමින් ඉදිරි මාසයක කාලයක් පවතී.

රටේ තැනින් තැන සොරසතුරු බිය, ගිනිබිය හා නොයෙක් අනතුරු විපත් ඇතිවේ. මේ නිසාම විටෙක සෝසුසුම් හඬ නිතර වාතලයට මුසුවන්නේ සුන්වූ බලාපොරොත්තු, අහිමි ජීවිතවල අඳුරු සෙවණැලිද සමඟය. මෙසේ ලග්න 12ටම ඇති ඵලාඵල ගැන බලන අතර මේෂ ලග්නයේ 10 වැන්නේ සතුරු වන රවි ගේ නීච බලය නිසා මේෂ ලග්න හිමියන්ගේ රැකි රක්ෂා පිළිබඳ නොසිතූ කරදරවලට, හදිසි ස්ථාන මාරුවීම්වලට ලක්වේ. එසේම තම රැකියාවේ ගෞරවය රැක ගැනීමට බොහෝ වෙහෙසවීමට සිදුවිය හැක. රැකියාවෙන් ලැබීමට තිබූ උසස්වීම් පමාවේ. රැකියා ස්ථාන පිළිබඳවද ගැටුම්කාරී වාතාවරණයක් මතුවිය හැක.

වෘෂභ ලග්න හිමියන්ගේ 09 වැන්න් රවි සතුරුව ගමන් කිරීම අරඹයි. රවි සතුරු වුවද 09ට රවි දේෂභංග කරන යෝගයක් බැවින් අනෙක් ලග්න 11ට වඩා වැඩි බලයක් හිමිවුවද ඔබට 08හි වන ශනිගේ අෂ්ඨම ඒරාෂ්ඨකය නිසා මේ කාලය බොහෝ කරදර බාධාක ඇතිවන කාලසීමාවකි. එහෙත් බාධක අතරින් තරමක් හෝ හිස ඔසවාගෙන සිටීමේ හැකියාවක් ඉදිරි මාසය තුළදී ඔබට ලැබේ.

මිථුන ලග්න හිමියන්ගේ රවි 08 හි සතුරු වෙමින් පවතින මාසයක් නිසා ඔබ රාජ්‍ය අංශය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉතාම ප්‍රවේශම් විය යුතුය. ඔබට යම්කිසි රජය සම්බන්ධ දේකට තීරණ ගැනීමේදී එක්වරක් නොව කීපවරක් සිතා තීරණ ගත යුතුය. 08 වැන්න මාරකස්ථානය බව අමතක නොකළ යුතුය.

මිථුන ලග්න හිමියකුට රජය සම්බන්ධයෙන් යම් සාක්ෂිදීම් ආදිය යෙදුන හොත් ඒ සම්බන්ධවම ජීවිත අනතුරුවලට පවා බලපෑම් එල්ල වේ. මේ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ සිටින මිථුන ලග්න හිමියන්ද නීතිමය කටයුතුඑවලට සම්බන්ධ මිථුන ලග්න හිමියන්ද ඉතා ප්‍රවේශම් විය යුතුය.

කටක ලග්නයෙන් උපන් ඔබගේ රවි සතුරුවෙමින් 07හි ගමන් ඇරඹීම නිසා ඔබ හවුලේ කරන කටයුතුවලදී බුද්ධිමත්ව දුරදිග බලා කටයුතු කිරීම සුදුසුය. හවුලේ කටයුතු කරන අයගෙන්ම සතුරු කරදර එල්ල වේ. 07 වැන්න ලග්නයට සෘජුව දෘෂ්ටි වැටීම නිසා ඔබේ හිසද අවුල් වූ ස්වභාවයක් දක්නට ලැ‍බේ. මනස නිරවුල් නැත. විටෙක ඔබ දුරදිග නොබලා ක්ෂණිකව ගන්නා තීරණවල ගැඹුරු බව වැටහෙන්නේ පසුවය.

සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන රවි 06 වැන්නේ සතුරු වීම නිසා ඔබටද පවතින තත්ත්වය එතරම්ම යහපත් නැත. තමාගේ සියලු හැකියා සුදුසුකම් සඟවාගෙන පැත්තකට වී සිටීමට සිදුවන අතර සතුරන්ගේ සතුටු සිත අබියස ඔට පරාජිතයකු වීමට සිදුවනු ඇත. එම නිසා හැකිතරම් ඔබ මෙම ඉදිරි මාසය තුළදී වැඩකටයුතුවලින් පැත්තකට වී සිටීම යහපත් වේ.

කන්‍යා ලග්න හිමියන්ගේ සතුරු වූ රවි 05 වැන්නේ ගමන් කිරීම නිසා ඔබට දරුවන් හා අධ්‍යාපනය සම්බන්ධව නොසිතූ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. විටෙක තම දරුවන්ම තමන්ට සතුරු වන අවස්ථා නිසා ඔබට තදබල ගැටලු හා පීඩාවලට ලක්වීමට සිදුවිය හැක. නඩුහබ ඇති අය ප්‍රවේශම් විය යුතුය. නොසිතූ තීන්දුවලට පත්වීමට ඉඩ ඇත.

තුලා ලග්න හිමියන්ගේ 04 වැන්නේ ශනි සතුරුව ගමන් කිරීම නිසා ගෙදර දොර කටයුතු සම්බන්ධයෙන් ඔබට සතුරු කරදර මානසික පීඩා ඇතිවන අතර හදවත් රෝග ඇති අය ඒ ගැන සැලකිලිමත් විය යුතුය. එසේම නැති අය ටද හදිසියේ එවැනි රෝගවලට ලක්වීමට සිදුවිය හැක. විටෙක තම නිවසම තමාට කරදරයක් වේ.ඒ නිසා නිවසින් පිටවී සිටීමටද ඔබ උනන්දු වන අතර එහි වරදක්ද නැත.

වෘශ්චික ලක්න හිමියන්ට රවි 03හි සතුරු වෙමින් ගමන් ඇරඹීම නිසා තම කීර්තිනාමය රැකගැනීම කෙරෙහි මහත් වෙහෙසක් දරමින් කටයුතු කළ යුතුය. තමා ලබාගත් තත්ත්වය පහතට වැටීමට කරුණු තමා ඇසුරු කළ සමාජයෙන්ම එල්ල වේ. නමුත් ඔබ තම රට ජාතිය ආගම වෙනුවෙන් මහත් ආඩම්බරයෙන් කටයුතු කරන මාසයකි.

ධනු ලග්න හිමියන්ගේ 02 වැන්නේ සතුරු වෙමින් තමන් අරඹන රවිගේ පිහිටීම නිසා ඔබ බොහෝ සේ කට ප්‍රවේශම් කරගත යුතු මාසයකි. තමාගෙන් පිටවන එක සුළු වචනයක් නිසා නොසිතූ ඉරණමකට පවා ලක්වීමට සිදුවේ. තවද තමාගේ වචන තවත් පුද්ගලයකුගේ ඉරණම වෙනස් කිරීමටද හැකිවේ. මේ නිසා කරන කියන දේ පිළිබඳව දෙවරක් සිතා කටයුතු කිරීම යහපත්ය.

මකර ලග්න හිමියන්ගේ ලග්නයේ සතුරුවෙමින් ගමන් කරන රවිගේ පිහිටීම නිසා ඔට හිසමත ගලක් පැටවූවා වැනි හැඟීමක් දැනෙන මාසයකි. ඔබ ලග්න ඒ රාෂ්ඨකයද ගෙවනු නිසා අනතුරුවලින් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන් ගිනි, විදුලි වැනි අනතුරුවලට ඉඩ ඇත. මේ නිසා හදිසි අලාභහානිවලටද ලක් විය හැකි නිසා නිතරම කල්පනා ශක්තියෙන් ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම සුබය.

කුම්භ ලග්න හිමියන්ගේ 12 වැන්නේ සතුරුව ගමන් ගන්නා රවිගේ පිහිටීම නිසා ඔබටද නොයෙක් කරදර අලාබහානි සහ මුදල් පාඩු විශේෂයෙන්ම ඇතිවේ. ණය ගනුදෙනුවලින් පාඩු සිදුවේ. තමා ළඟ ඇති මුදල් ද හදිසියේ අස්ථානගතවීම හා සොර සතුරු කරදරවලට ලක්වීම නිසා ප්‍රවේශම් විය යුතුය.

රෝගාබාධ ඇති කුම්භ ලග්න හිමියන් තම ලෙ‍ඩරෝගවලට නිසිලෙස ප්‍රතිකාර නොගතහොත් ඒවා උත්සන්නවීමට ඉඩ ඇත.

අවසාන ලග්නය වන මීන ලග්න හිමියන්ගේ 11 වැන්නේ ගමන් කරන රවි සතුරු වුවද 11ට කෝටියක් දෝෂ භංග කරන බැවින් ලග්න 12න්ම ඉතාම යහපත් වන්නේ ඔබට පමණි. ලබාගැනීමට ඇති ණය මුදල් නැවත ඉල්ලීමට ඉතා සුබ මාසයකි. යහළුවන්ගෙන් වුවද වෙනදාට වඩා උදව් උපකාර ලබාගැනීමට හැකිවන මාසයකි. පසුගිය මාසය පුරාවටම පැවති යම්කිසි පීඩාකාරී ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන මාසයකි.

ජ්‍යෝතීර්වේදී
සුරංජා සරෝජිනී පතිරණ

(ජ්‍යොතීෂ විද්‍යා දර්ශනපති භාරත භාෂ්කර ශිරෝමනී)

නව අදහස දක්වන්න